ඉඩම වංචාවකට මර්වින් අත් අඩංගුවට

කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙක්ටයාර 0.2137 ක ඉඩමක් සඳහා ව්‍යාජ ලියකියවිලි සකස් කර රුපියල් මිලියන 75 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා සහ තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (Cඓඪ්) පවසයි.මෙම වංචාව සම්බන්ධයෙන් මන්ත්‍රී මර්වින් සිල්වා මහතා ඊයේ රාත්‍රියේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලදී.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

කාලීන පුවත්