ඉදිරි පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා මෙන්ම ඒ පිළිබඳව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.ඒ අනුව, අමාත්‍ය විජිත හේරත්ගේ මහතා ගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කාරක සභාව පත් කිරීමට පියවර ගෙන ඇති බවකථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
, මුනීර් මුලාෆර්, නීතිඥ සුනිල් වටගල, අරුන් හේමචන්ද්‍ර, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් නිපුණආරච්චි, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, සමන්මලී ගුණසිංහ, ධර්මප්‍රිය විජේසිංහ, චන්දන සූරියආරච්චි, නිසාම් කාරියප්පර් යන මන්ත්‍රී කණ්ඩායම මෙම කාරක සභාවට පත් කර තිබේ.