ඉන්දියාව පාකිස්ථානයට හොඳටම රිද්දයි

කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මේ වන විට ඉන්දියාව හා පාකිස්ථානය අතර ඇතිව ඇති මත ගැටුම් තවදුරත් උත්සන්න වී තිබේ.ඒ අනුව පාකිස්ථානයෙන් කිසිවක් ආනයනය නොකිරීමට ඉන්දියාව තීරණය කොට තිබේ.පෙහෙල්ගාම් ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති එකම වෙ‍ෙළඳ මාර්ගය වන වාගා – අත්තරි හරස් මාර්ගය දැනටමත් වසා දමා ඇති අතර එනිසා දෙරට අතර සියළු වෙළඳ සබඳතා මුළුමනින් ඇන හිට තිබේ.තම රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට හා රාජ්‍ය ප්‍රතිපත්තියේ ස්ථාවර බව සඳහා මෙම පියවර ගෙන ඇති බව ඉන්දීය රජය පැවසූ බව මාධ්‍ය සඳහන් කරයි.මේ අතර පාකිස්ථාන නැව් ඉන්දියානු වරායන්ට ඇතුළු වීමද ඉන්දියාව තහනම් කර තිබේ.ඉන්දියාවේ වරාය, නාවික හා ජල මාර්ග අමාත්‍යංශය පැවසුවේ පාකිස්ථාන ධජය සහිත නැව් ඉන්දීය වරායන්ට ඇතුළු වීම තහනම් කළ සේම ඉන්දීය ධජය සහිත නැව් පාකිස්ථාන වරායන්ට යැවීම ද තහනම් කළ බවය.එමෙන්ම පාකිස්ථාන ආනයන තහනම් කිරීමට ඉන්දියාව පියවර ගැනීම මඟින් පාකිස්ථානු ආර්ථිකයට දැවැන්ත පහරක් එල්ල වනු ඇති බව විචාරකයෝ පවසති.

කාලීන පුවත්