ඉන්දු පාකිස්ථාන යුද ගිනි ඇවිලේ;ශ්‍රී ලංකාවට කුමක් වේද?

ඉන්දීය හමුදා විසින් ඊයේ (06) පාකිස්ථානයේ සහ ජම්මු කාශ්මීර ප‍්‍රදේශයේ ස්ථාන 9ක් වෙත මිසයිල ප‍්‍රහාර එල්ල කර ඇත.ඉන්දීය ආරක්‍ෂක ඇමතිවරයා පවසනුයේ ඉන්දීය සන්නද්ධ හමුදා ‘ඔපරේෂන් සින්දූර්’ මෙහෙයුම ක්‍රියාත්මක කළ බවකි.මෙම මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව පකිස්ථාන හමුදාව පවසයි.
මෙම මිසයිල ප‍්‍රහාරයට ප‍්‍රතිචාර ලෙස පකිස්ථාන හමුදාව විසින් ඉන්දියාව වෙත කාලතුවක්කු වෙඩි ප්‍රහාර එල්ලකර ඇති අතර ඉන් කාශ්මීරයේ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා අයෙකුගේ තත්ත්වය බරපතල බව පැවසෙයි.මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් අත්සන් කරන ලද ඉන්දු-ලංකා ආරක්ෂක සහයෝගී ගිවිසුම් වල අන්තර්ගතයන් මේ දක්වා අනාවරණය වී නොමැති පසුබිමක මෙම ඉන්දු පාකිස්ථාන් යුදමය තත්වය ශ්‍රී ලංකාවට එකේ බලපානු ඇත්දැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ද දේශපාලන විචාරකයෝ පවසති.

කාලීන පුවත්