ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.මෙම මිල සංශෝධනයට අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 303 ක් වේ.එමෙන්ම, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24 කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 353 ක් බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි.ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 365 ක් ලෙස දැක්වේ.තවද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 317 ක් වනු ඇත.මේ අතර, ලංකා භූමිතෙල් මිල රුපියල් 13 කින් ඉහළ දමා ඇති බවත්, එහි නව මිල රුපියල් 195 ක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් අවධාරණය කරයි.