ඇමරිකාව හා ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව ගෙන යන යුදමය ප්‍රහාර වහාම අත්හිටුවන ලෙස බලකරමින් අද (06) කොළඹ 07 ජුම්මා මස්ජීද් දේවස්ථානය ( දවටගහ පල්ලිය ) ඉදිරිපිට විරෝධතාවක් පවත්වන ලදී.පලස්තීනයේ නිදහස වෙනුවෙන් සංවිධානය විසින් එය සංවිධානය කර තිබුණි.මැදපෙරදිග උත්සන්න වී තිබෙන අර්බුදය සම්බධයෙන් මෙරට මුස්ලිම් ආගමික සංවිධාන සහ සිවිල් සංවිධාන විසින් ඒකාබද්ධ ප්‍රකාශනයක් ද නිකුත් කොට ඇත.