ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඉකුත් 28 වැනිදා එල්ල වූ ඒකාබද්ධ ඇමෙරිකානු සහ ඊශ්රායල ගුවන් ප්රහාරයකින් අභාවප්රාප්ත වූ බව ඉරාන රාජ්ය රූපවාහිනිය වන IRIB (Islamic Republic of Iran Broadcasting) ආයතනය තහවුරු කර තිබේ.
මේ වන විට එම ආයතනය නිල වශයෙන් ප්රකාශ කර ඇත්තේ, ‘ඉරානයේ උත්තරීතර නායකයා ප්රාණ පරිත්යාගීත්වයට (Martyrdom) පත් වූ’ බවයි. ප්රාණ පරිත්යාගීත්වය යනු තමන් දැඩිව අදහන ආගමික, දේශපාලන හෝ සමාජීය මතයක් වෙනුවෙන් ජීවිතය පූජා කිරීමකි. ටෙහෙරාන් නුවර පිහිටි ඔහුගේ නිල නිවාස සංකීර්ණය ඉලක්ක කරගනිමින් මෙම ප්රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ. ඔහුගේ අභාවය වෙනුවෙන් ඉරානය පුරා දින 40ක ශෝක කාලයක් ප්රකාශයට පත් කර ඇති බව එරට රාජ්ය රූපවාහිනිය වැඩිදුරටත් දන්වා සිටියි.