ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වන ලෙස මිලියන 10කට ආසන්න වැසියන්ට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.අමෙරිකානු ජනාධිපතිවරයා මේ අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ ඊශ්‍රායල හමුදාව ඉරානයේ ජාතික රූපවාහිනී මාධ්‍යස්ථානයට පහරදීමෙන් මොහොතකට පසුව බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායල- ඉරාන යුද ගැටුම් සම්බන්ධව ඉදිරි පියවර ගැනීම සඳහා ඔහු මේ වනවිට කැනඩාවේ පැවැත්වෙන ‘ජී7‘ රාජ්‍ය නායකයන්ගේ සමුළුවෙන් ඉවත්වී ආපසු අමෙරිකාව බලා ගිය බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ජී7 සමුළුවෙන් ඉවත්වීමට පෙර සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ අමෙරිකාව සමඟ න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් කිරීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඉරාන නායකයා සිය ජනතාවගේ ජීවිත අවදානමට ඇද දැමූ බවය. ඉරාන යුද අර්බුදයට අවශ්‍ය වන්නේ සටන් විරාමයකට වඩා ඔබ්බට ගිය විසඳුමක් බව අමෙරිකාව බලා යෑමට සිය නිල ගුවන්යානයට නැඟීමට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.