ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කර ගැනෙයි

ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කර ගැනෙයි මේ වන විට මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.ඒ අනුව වෙනස් ස්ථානයක සිට අදාළ කටයුතු සිදු කරමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කර‍යි.මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවද අමාත්‍යවරයා පවසයි.ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන අතර අනෙක් තිදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවද වාර්තා වේ.කෙසේ වෙතත් තුවාල ලැබූ සියලු දෙනා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් වන අතර තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.විදේශ අමාත්‍ය වරයා මේ බව සඳහන් කළේ මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් විසි දහසක් පමණ සේවය කරමින් සිටින අතර ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු රැඳී සිටින බව පැවසූ අමාත්‍යවරයා ඉන් 8 දෙනෙකු ඉරාන ජාතිකයින් සමග විවාහ වී සිටින බවද සඳහන් කොට තිබේ.

කාලීන පුවත්