ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.එහි සඳහන් ව ඇත්තේ ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉන් ඉවත් වීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔවුන්ගේ ගුවන් ගමන් සම්බන්ධයෙන් පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා රජය ඉන්දීය රජය සමග කටයුතු කර ඇති බවයි.ඒ අනුව ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ටෙලිග්‍රෑම් නාලිකාව හරහා හෝ පහත සඳහන් හදිසි ඇමතුම් අංක ඔස්සේ ටෙහෙරාන් හී පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය සමග සම්බන්ධ විමේ හැකියාව පවතියි.ඒ අනුව +98 901 014 4557, +98 912 810 9115, +98 912 810 9109 යන දුරකතන අංක ඇමතීමෙන් ඉන්දීය තානාපති කාර්යාලය සමග සම්බන්ධ විය හැකි බව ද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය දන්වා සිටියි..තවද පහත සඳහන් අංක ඔස්සේ ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග ද සම්බන්ධ විය හැකි බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.+98 939 205 5161, +98 991 205 7522 (සිංහල/ ඉංග්‍රීසි), +98 936 636 0260

කාලීන පුවත්