ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ දී අනතුරට පත් ඉරාන නාවික හමුදාවේ දක්ෂිණ නාවික බල ඇනියට අයත් නෞකාව සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය පළ කළ ප්‍රහාරයක් එල්ල වූ බවට වන පුවත අද ( 04) පෙරවරුවේ නාවික හමුදාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇතත් එය ඇමරිකානු සබ්මැරීන් ප්‍රහාරයක් බව මේ වන විට ජාත්‍යන්තර වශයෙන් සනාථ වී තිබේ. ඒ ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී ඉරාන යුද නෞකාවකට ඇමෙරිකාව විසින් සබ්මැරීන ප්‍රහාරයක් එල්ල කළ බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම්වරයා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේවා ප්‍රකාශ කිරීමත් සමඟිනි.
එමෙන්ම IRIS Dena නම් වන ඉරානය සතු මෙම යුද නෞකාව ප්‍රහාරයට ලක්වීම සම්බන්ධ සියලු තොරතුරු ඉදිරියේ දී අනාවරණය වීමට නියමිත ය.