ඉෂාරා සෙව්වන්දි ගේ මව රිමාන්ඩ් භාරයේ දී මිය යයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ මව වන මීගමුව, කටුවැල්ලේගම, ජය මාවත ලිපිනයේ පදිංචි 48 හැවිරිදි සේසත්පුර දේවගේ සමන්ති නමැත්තිය රක්ෂිත බන්ධනාගාර සිටිය දී ඉකුත් 11 වන දා මියගොස් තිබේ.ඇගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව තහවුරු වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. ඇ‍ය සමඟ ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ සොයුරකු වන 23 හැවිරිදි පින්පුර දේවගේ තිවංක වීරසිංහ යන අය ද රක්ෂිත බන්ධනාගාර කොට ඇති අතර ඒ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් දැනුවත්ව සිටියදී ඒ සම්බන්ධයෙන් තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීම යන චෝදනා පදනම් කරගනිමිනි.නමුත් මේ වන විටත් ඉෂාරා සෙව්වන්දි නමැත්තිය පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකි වී නැත.

කාලීන පුවත්