ප්‍රබල සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වූ ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේ දී කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.ඉෂාරා සෙව්වන්දි සමග තවත් පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ද පැවසෙයි.මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය හා නේපාල පොලිසිය එක්ව ක්‍රියාත්මක කරනු ලැබූ මෙහෙයුමකදී මෙම පිරිස අත් අඩංගුවට පත් වූ බවකි