ඉෂාරා සෙව්වන්දි සොයා ගැනීමේ සැලසුමක් අරඹයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි නම කියැවුණු ඉෂාරා සෙව්වන්දි රටින් පලාගොස් සිටින බවට පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන පසුව මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු අනාවරණය වී තිබේ.මේ අතර කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වූ වූ අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ජංගම දුරකථන 28ක් ද ඉන්දුනීසියානු පොලිසිය භාරයට ගෙන තිබේ.පසුව අදාළ ජංගම දුරකථන ශ්‍රී ලංකා පොලිසියට භාරදීමට ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති අතර ඒවා භාවිතයෙන් ලබාගත් දුරකතන ඇමතුම් එකිනෙක පිළිබඳව මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.ඒ අනුව ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි නම කියැවුණු ඉෂාරා සෙව්වන්දි තැනැත්තිය පිළිබඳවත් තොරතු රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබේ.

කාලීන පුවත්