ඊශ්‍රායලය හා ඉරානය අතර පවතින ගැටුම් තත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යැවීම රජය විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි. විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම තීරණය ගනු ලැබුවේ ප්‍රදේශයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් පූර්වාරක්ෂක පියවරක් ලෙස බවයි. මෙය මැදපෙරදිග කලාපයේ උග්‍ර වන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජය ගත් මෙම තීරණය ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන පියවරක් පමණක් බවත් . ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය යහපත් අතට හැරුණු පසු මෙම තීරණය නැවත සලකා බැලීමට රජය සූදානම් බවද ඔහු සඳහන් කරයි.ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය දැනටමත් ඊශ්‍රායලයේ හා ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා විශේෂ මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර, හදිසි අවස්ථාවකදී සම්බන්ධ විය හැකි දුරකථන අංක හා විද්‍යුත් තැපැල් ලිපින ලබා දී ඇත.