උසස් පෙළ ටියුෂන් 4 වන දා මැදියම් රැයේ සිට තහනම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 04 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු සපුරා තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම තහනම ක්‍රියාත්මක විභාගය අවසන් වනතුරු ක්‍රියාත්මක බව ය.මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එම විභාගය දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

කාලීන පුවත්