එජාප සජබ එකමුතුව සඳහා මුල් විය යුත්තේ පක්ෂ ලේකම් වරුයි

සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ වැඩ පිළිවෙලකට යාම සඳහා මූලික වී සාකච්ඡා පැවැත්විය යුත්තේ එජාප මහලේකම් තලතා අතුකෝරාළ මහත්මිය සහ සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් බව එකසත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කොට ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. මීට පෙර මෙම සාකච්ඡා සඳහා එම ක්‍රියාදාමය අනුගමනය කළ මුත් මේ වන විට සජබ පාර්ශ්වයෙන් පත්කර ඇත්තේ කබීර් හෂීම්, මුජිබර් රහුමාන් සහ එස්. එම්. මරික්කාර් යන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් බව ද එජාප ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්