ඒකාබද්ධ පාලනයක් පිහිටුවීමට අපි සජබ හා එක් වෙනවා

විපක්ෂයට බහුතරයක් ඇති පළාත් පාලන ආයතනවල ඒකාබද්ධ පාලනයක් පිහිටුවීමට අපි සජබ හා එක් වෙනවා ජනතාව බොරුවෙන් රවටමින් හිඳින ජාතික ජන බලවේග ආණ්ඩුව අබිබවා විපක්ෂයට බහුතරයක් ලබා ගත් පළාත් පාලන ආයතනවල ඒකාබද්ධ පාලනයක් පිහිටුවීම සඳහා අනෙකුත් විපක්ෂ පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම තීරණය කිරීම සඳහා සංවාදයක යෙදීමට එක්සත් ජාතික පක්ෂය කැමැත්තෙන් සිටින බව පක්ෂ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය පවසයි.තම පක්ෂය සැමවිටම පොදු සම්මුතියකට අනුව සමගි ජන බලවේගය සමඟ වැඩ කිරීමට සූදානම්ව සිටි බවත් තමන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද සමඟ ඔවුන් සමඟ සංවාදයක් පැවැත්වූ බැවින් එම ක්‍රියාවලිය දැන් නැවත ආරම්භ කළ හැකියැයි තලතා අතුකෝරල මහත්මිය පවසයි

කාලීන පුවත්