ඔක්තෝබරයේ සංචාරයට ලොව හොඳම ගමනාන්තය ශ්‍රී ලංකාවයි -ලෝ පතල සංචාරක සඟරාවක් කියයි

සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත්කරන ලොව හොඳම සඟරාවක් වන බ්‍රිතාත්‍යයේ ‘ටයිම් අවුට්’ නිකුත්කළ නවතම අනාවරණයට අනුව ඔක්තෝබර් මාසයේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත.ශ්‍රී ලංකාවේ උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමයන් සහ ස්වාභාවික භූ දර්ශන මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙන බව සඳහන් වේ.දිවයින වටා ඇති ආකර්ශණීය වෙරළ තීරයන් සහ කඳු නැගීම සිට පෞරාණික නටබුන් සහ වනජීවී සෆාරි යනාදිය ද ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස තෝරාගැනීමට හේතු වී ඇත.තවද දිවයින වටා ඇති ආකර්ශණීය වෙරළ තීරයන් සහ කඳු නැගීම සිට පෞරාණික නටබුන් සහ වනජීවී සෆාරි යනාදියද ‘ටයිම් අවුට්’ සඟරාව මඟින් ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස තෝරාගැනීමට හේතු වී ඇත.එම සඟරාවේ ශ්‍රේණිගතකිරීමට අනුව සෘතුමය චමත්කාරය, සංස්කෘතික සිදුවීම් සහ ඔක්තෝබර් මාසයේදී විශේෂයෙන් භුක්ති විඳිය හැකි අත්දැකීම් යනාදිය ද පදනම් කරගෙන තිබේ.මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය තුර්කියටද,තෙවන ස්ථානයට අමෙරිකාවේ නිව් මෙක්සිකෝව ද පත් ව ඇති අතර ස්පාඤ්ඤයේ වැලෙන්සියා, අමෙරිකාවේ නිව්යෝර්ක්, පිලිපීනය, භූතානය, බොස්නියාව සහ හර්සගොවිනා, රුමේනියාවේ ටිමිසෝරා, අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ සහ නැමීබියාව අනෙකුත් ගමනාන්ත ලෙස සඳහන් ය.

කාලීන පුවත්