කතරගම රන් තැටි සිදුවීමත් සමඟ “ස්වයං සේවා” දේවාල බිහිවීමේ අවදානමක්! – හිටපු කොළඹ,රත්නපුර,අම්පාර මහ දිසාපති සුනිල් කන්නන්ගර

කතරගම දේවාලයේ කපු රාජකාරියේ නියුතු දෙදෙනෙකුම දැන් ඉන්නේ ඇප මත ය.ඒ ප්‍රධාන කපුවා ද ඇතුලත්ව ය. චෝදනාව දෙවියන්ට බැතිමතෙකු විසින් පූජා කළ රන් තැටියක් අතුරුදහන් කිරීම ය.ජීවත් වන මිනිස්සු අතුරුදන් වුණාට නඩු නැති රටේ දෙයියන්ට අයිති රන් තැටිය අතුරුදන් කළාට නඩු පැවරීමෙන් දෙයියන්ගේ රන්‍ තැටිය ජීවත් වන මිනිහෙකුට වැඩිය වටිනා බව පෙන්නුම් කර ඇත.රන් තැටිය පූජා කළ බැතිමතා ද එසේ මෙසේ කෙනෙක් නොවේ.ඒ අංගොඩ ලොක්කා නම් අපේ කාලයේ උපාසක මහතාගේ හාමිනේ බව ද දැන ගන්නට ඇත. ඒ බවලතිය සිය දරුවෙකුගේ අපලයක් ගැන විස්සෝප වෙද්දී දරුවාගේ පියාගේ වයසට ගැලපෙන ලෙස රන් පවුම් 38ක් යොදාගෙන කතරගම කන්ද ස්වාමී දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට පූජාවක් කරන ලෙසට උපදෙස් දී ඇත්තේ ද දේවාලයේම කට්ටිය බව ද දැන ගන්නට ඇත.දරුවාගේ පියාගේ මිස සීයාගේ වයසට සමානව මේ පූජාව සිදු කිරීමට උපදෙස් නොදීම ගැන අප ඔවුනට ස්තුති වන්ත විය යුතු ය.එසේ කළා නම් සිද්ධිය තවත් බරපතල වනු ඇත. කෙසේ වුවත් මෙලෙස උපදෙස් දෙන්නට ඇත්තේ ඇතැම් විට දරුවාගේ අපලයට හේතු වූ කරුණු අතරට පියාගේ සම්බන්ධයක් ඇතැයි දෙවියන් සමීපයේ ගැතිකම් කරන කපුවන් දැන සිටි නිසා වන්නට පුලුවන.කොහොම වුණත් මේ රටේ දරුවන්ට විඳවන්නට සිදුවී ඇත්තේ දෙමව්පියන්ගේ වැරදි වලට බව නම් අපි වගේ සාමාන්‍ය අයටත් තේරෙන ඇත්‍තකි.ඒ වගේම කපුවන්ගේ උපදෙස් පිට රන්පවුම් 38 ක් යොදාගෙන තැටිය හැදුවේ ද දේවාලයේම රන් වැඩ කරන ශිල්පීන් බව ද කියැවේ.ඒ කොහොම උනත් අංගොඩ ලොක්කාගේ හාමිනේ දෙවියන්ට පිදූ රන් තැටිය අතුරුදහන් බවට වූ තොරතුර එළියට ආවේ ද කපු රැල තුළම ඇති වූ අර්බුදයක් නිසා විය යුතු ය.නැතිනම් තිර හත අටකට ඇතුලේ සිදුවෙන දේව රහස් එළියට එන්නට හේතුවක් නැත.ඒ වගේම කපුවන් හා බස්නායක නිලමේ අතර අර්බුදයක් හදා ඇත්තේ ද දෙවියන්ම විය යුතු ය.

මේ දේවාල වල රන් රිදී මිල මුදල් ආදී දේවල් සියල්ල දෙවියන්ට පිදීමෙන් පසුව අයිතිකරුගේ පරිහරණය යටතට පත්වේ.එම පූජාව කළ බැතිමතා සිතන්නේ දෙවියන්ට පූජාව සිදු කළ අවස්ථාව දක්වා පමණ ය.ඉන් එහාට ඒවාට සිදුවන දේ ගැන හිතන්නට බැතිමත්හු නොපෙළඹෙති.මේ ජාතියේ දේවාල වලට ලොකු වටිනාකමක් සහිත පූජාවන් සිදුවන්නේ නැත.වැඩේ හරි ගියොත් රූපෙට රූපයක් වෙනුවට ලැබෙනුයේ රිදී පතුරකින් හැදූ කුඩා රූපයකි.ඒක හරියටම තොවිලයේ දී මහසෝනාට පුදන ලේ ගොටුව බඳු ය.ලේ ගොටුවක් කීවාට ගොටුවේ ඇත්තේ කුකුල් කරමලයට හැට්ට කටුවෙන් ඇන ගත්, ලේ බිංදුවකි.මේ නිසාදෝ පෞද්ගලික දේවාල වලට පුදන දේ ගැන කවුරුවත් කතා කරන්නේ නැත.

එහෙමවත් තමන්ගේ දේවල් පරිස්සම් කර ගත යුතු යැයි අවසානයේ දී දෙවියන් කල්පනා කළා විය යුතු ය. ඒ කොහොම උනත් මේ වැඩෙත් එක්ක කපුවන්ගේ අයිතිවාසිකම් ගැන විශාල සංවාදයක් සමාජයේ මතුවී තිබීම නම් යහපත්‍ ය.මගේ මේ උත්සාහය අන්න ඒ සංවාදයට යමක් එක් කිරීමට ය.
ලංකාවේ දේවාල වර්ග කීපයකට අයත් බව නිරීක්ෂණය වේ.ඒවා පෞද්ගලික දේවාල, පොදු ගම් දේවාල, විහාර සන්තක දේවාල , මහ දේවාල, ආදී වශයෙන් වෙයි. පෞද්ගලික දේවාල යනු කිසියම් පුද්ගලයෙකු විසින් ආරම්භ කර පවත්වාගෙන යන දේවාල ය.මේ දේවාල බොහෝ විට පිහිටා ඇත්තේ ද පෞද්ගලික ඉඩම්වල ය.දේවාලය පෞද්ගලික වුණාට මුලු ලෝකෙටම අයත් මහ දෙවි වරුන් ගෙන් කෙනෙක් එකී දේවාලවල වැඩ හිඳිමින් බැතිමතුන්ට සහන සලස්වන බව බොහෝ පිරිස් විශ්වාස කරති.බැතිමත්තු ද මෙම දේවාලයට ගොස් ඒ දෙවියන් ඉදිරියේ තම දුක් අඳෝනා ඉදිරිපත් කර සහන ඉල්ලා භාර හාර වෙති.මීට උපකාර කරන්නේ ඒ පෞද්ගලික දේවාලයේ කපුවා ය. ඇතැම් විට කපුවා හා දේවාලයේ අයිතිකාරයා දෙදෙනාම එකම අයෙකු වන අතර සමහර විට කපුවා අයිතිකරු විසින් වැටුපට යෙදවූ සේවකයෙකි. මේ දේවාලවල දෙවියන් වෙනුවෙන් බැතිමතුන් පුදන සියලුම පූජා භාණ්ඩ අයත් වන්නේ දේවාල හිමිකරුවාට ය. ඒ අනුව මේ දේවාල වල රන් රිදී මිල මුදල් ආදී දේවල් සියල්ල දෙවියන්ට පිදීමෙන් පසුව අයිතිකරුගේ පරිහරණය යටතට පත්වේ.එම පූජාව කළ බැතිමතා සිතන්නේ දෙවියන්ට පූජාව සිදු කළ අවස්ථාව දක්වා පමණ ය.ඉන් එහාට ඒවාට සිදුවන දේ ගැන හිතන්නට බැතිමත්හු නොපෙළඹෙති.මේ ජාතියේ දේවාල වලට ලොකු වටිනාකමක් සහිත පූජාවන් සිදුවන්නේ නැත.වැඩේ හරි ගියොත් රූපෙට රූපයක් වෙනුවට ලැබෙනුයේ රිදී පතුරකින් හැදූ කුඩා රූපයකි.ඒක හරියටම තොවිලයේ දී මහසෝනාට පුදන ලේ ගොටුව බඳු ය.ලේ ගොටුවක් කීවාට ගොටුවේ ඇත්තේ කුකුල් කරමලයට හැට්ට කටුවෙන් ඇන ගත්, ලේ බිංදුවකි.මේ නිසාදෝ පෞද්ගලික දේවාල වලට පුදන දේ ගැන කවුරුවත් කතා කරන්නේ නැත.

තවත් දේවාල වර්ගයක් වන ගම් වල පොදු දේවාල බොහෝ දුරට ගමේ ගැමියන්ගේ සාමුහික පාලනය යටතේ ක්‍රියාත්මක වෙයි. ඒවායේ කපු රාජකාරි සඳහා දේවාල පාලක මණ්ඩලය විසින් කපුවන් පත් කර ඇත.සමහර ගම් දේවාල වල කපුකම පැවරෙන්නේ ද කපු පරපුරකට ය.අපේ ගමේ තිබු බොරළුගොඩ මකල වැල්ලේ පෞරාණික පත්තිනි දේවාලය පොදු ගම් දේවාලයකි. මෙහි කපු රාජකාරිය ලත්පඳුර පත්තිනි දේවාල කපු පරපුරේ උරුමයක් විය . අප කුඩා කාලයේ ලත්පඳුර කපු පරපුර අතරේ ඇති වූ යම් මත බේදයක් මත ඒ කපු පරපුර දෙකට බෙදී අපේ පත්තිනි දේවාලයේ වාර්ෂික ගම් මඩුවත් වසරින් වසර ඒ කණ්ඩායම් දෙක අතර බෙදී ගියේ ය.අපේ ගමේ උදවියගේ ප්‍රධානම පූජාව වූයේ කන්නයකට වරක් එක් ගෙදරකින් වී බුසල් දෙක බැගින් වෙන්කර පත්තිනි දේවාලයට පිදීම ය. මේ වී බුසල් දෙක පූජා කළේ ද අමුතුම ක්‍රමයකට ය කුඹුර හෝ හේන කපා පාගා ගන්නා අස්වැන්නේ මුල්ම කොටස වන මේ වී බුසල් දෙක වෙනම මල්ලක අසුරා කට බැඳ වෙනම ගබඩා කර තබන අතර ගම් මඩු උත්සවය කටයුතු ආරම්භ කරන බවට නිවේදනය කිරීමට කපුවා ගෙයක් ගානේ පැමිණෙන අවස්ථාවේ මේ වී බුසල් දෙක දෙවියන්ට පූජා කිරීම සිදු විය.කපු උන්නැහේ ගෙදර මිදුලේ සිටගෙනම දිග යාතිකාවක් කර හක්ගෙඩියත් තුන් වරක් පිඹ වී බුසල් දෙක පත්තිනි දෙවියන්ට කැප කරති. ‍තමන්ට කැප වූ වී කොටස ගෙන යන්නට පත්තිනි දෙවියන් නොවඩින නිසාදෝ කපුවාගේ ගෝල බාලයෝ ය. පාරට ගෙන ගොස් එතනින් ලොරියකට පැටවී කපුවාගේ ගමට ගමන් කරන වී තොගය ගැන ගම්වැසියෝ උනන්දුවක් නොදක්වති. ඔවුන්ට අනුව කුඹුරේ හේනේ අස්වැන්නේ අග්‍ර කොටස දෙවියන්ට පුදා තම තමන්ගේ යුතුකම් කොටස. ඉටු කර අවසන් වී ඇත.

පාලක කමිටුවක් සහිත ගම් දේවාලවල අරමුදලකට පූජා කරන මුදල් බැර කෙරෙන අවස්ථා ද ඇත.දේවාලයේ භෞතික සංවර්ධනයට එම අරමුදල් යොදා ගැනේ.ඒවා පාලනය කරන අය සමහර විට දේවාල අරමුදල් වංචනිකව යොදා ගන්නා අවස්ථා අසු වූ විට දේවාලයෙන් ගසා කෑ එවුන් ලෙස හදුන්වා පාරම්පරිකව පවත්වා ගෙන යා හැකි වාචික හංවඩුවක් තැබීමට ද ගැමියෝ අමතක නොකරති.ඒ හංවඩුව කටුව රත්කර ඇඟේ ඔබ්බන හංවඩුවටත් ටත් වඩා භයානක ය. එසේ වන්නේ පරම්පරාවටම යන නිසා ය.එසේ වුව ද අපේ අතීත ගැමියෝ කපුවන්ට නම් දේවාලය අවභාවිතා කළා යැයි කියා අපවාද නොකළහ “කපුවාගේ පුතා දේවාල මිදුලේ පැහැරුවත් ගඳ නැත” කියා ආප්තෝපදේශයක් හදා ගෙන සිනාසෙනවාට වැඩි දෙයක් ගැමියෝ නොකළේ දෙවියන් දේ කෑම කපුවාගේ අයිතියක් බැව් සිතා විය යුතු ය.

ඇතැම් ගම් දේවාලවල දෙවියන්ට පූජා කරන පූජා ද්‍රව්‍ය අයත් වන්නේ දේවාලයට ය.අප රටේ බැතිමතුන් දේවාල වලට ගොස් දෙවියන්ට පුදන්නේ මල් පමණක් නොවේ.පූජාව ඇතැම් විටක සජීවී සතෙකි.පවුලේ කෙනෙකුට බරපතල අසනීපයක් වූ අවස්ථාවක දෙවියන්ට භාරවෙන්නේ අසනීපය සුවකර දුන්නොත් ප්‍රාණය බේරා දෙන එකට හිලව්වට ප්‍රාණයක්ම පූජා කරන බවට ය.එසේ භාරවීමෙන් පසු දෙවියන් අසනීපය සුවකරන තුරු බලා නොසිට “දෙවියන්ගේ මල්ලි”භාවිතා කර දියුණු ප්‍රතිකාර ගැනීමටත් ගම්මු අමතක නොකරති.අවසානයේ අසනීපය සුව කිරීමේ ගෞරවය යන්නේ දෙවියන්ට ය. හිලව්වට දෙන ප්‍රාණය වන්නේ බොහෝ විට කුකුල් නාම්බෙකි.මේ කුකුල් නාම්බන් වසු පැටවුන් වැනි සතුන් නඩත්තු කර ගැනීම සඳහා යම්‍ යම් පුද්ගලයින්ට පැවරීම සිදු කරන්නේ දේවාලයේ පාලක මණ්ඩලය හෝ කපුවා විසිනි.ඒ ගැන ප්‍රාණය පූජා කළ අය ප්‍රශ්න නොකරති.ගම් දේවාල වලට පූජා කරන පඬුරු නම් බොහෝ විට කාසි ය.වර්තමානයේ නම් උපරිම වටිනාකමේ කාසිය රුපියල් දහයකි. මේවා බොහෝ විට දෙවියන් හා බැතිමතුන් අතර සංනිවේදනය භාර කපුවාගේ ආදායම් වලට අයත් වේ. ඒ ගැන ද බැතිමතුන්ගේ සිත් තුළ වැඩි ආරෝවක් නැත.පාලක කමිටුවක් සහිත ගම් දේවාලවල අරමුදලකට පූජා කරන මුදල් බැර කෙරෙන අවස්ථා ද ඇත.දේවාලයේ භෞතික සංවර්ධනයට එම අරමුදල් යොදා ගැනේ.ඒවා පාලනය කරන අය සමහර විට දේවාල අරමුදල් වංචනිකව යොදා ගන්නා අවස්ථා අසු වූ විට දේවාලයෙන් ගසා කෑ එවුන් ලෙස හදුන්වා පාරම්පරිකව පවත්වා ගෙන යා හැකි වාචික හංවඩුවක් තැබීමට ද ගැමියෝ අමතක නොකරති.ඒ හංවඩුව කටුව රත්කර ඇඟේ ඔබ්බන හංවඩුවටත් ටත් වඩා භයානක ය. එසේ වන්නේ පරම්පරාවටම යන නිසා ය.එසේ වුව ද අපේ අතීත ගැමියෝ කපුවන්ට නම් දේවාලය අවභාවිතා කළා යැයි කියා අපවාද නොකළහ “කපුවාගේ පුතා දේවාල මිදුලේ පැහැරුවත් ගඳ නැත” කියා ආප්තෝපදේශයක් හදා ගෙන සිනාසෙනවාට වැඩි දෙයක් ගැමියෝ නොකළේ දෙවියන් දේ කෑම කපුවාගේ අයිතියක් බැව් සිතා විය යුතු ය.

විහාර සන්තක දේවාල අප රටේ ඇති තවත් දේවාල වර්ගයකි.බොහෝ බෞද්ධ විහාරස්ථානවලට දේවාලයක් එකතුවුණේ දඹදෙනි යුගයේ සිට බව කියැවේ.මේ දේවාල බොහොමයක් ප්‍රකට මහ දෙවි වරුන්ට කැප කර ඇති අතර ඇතැම් ඒවා අප්‍රකට ප්‍රාදේශීය දෙවිවරුන් වෙනුවෙන් ද කැප කර ඇත .මේ විහාර සන්තක දේවාල වලට ලැබෙන පූජා භාණ්ඩ හා මිල මුදල් ආදිය අදාල විහාරස්ථානයේ ආදායමට අයත් වන අතර.දේවාලයේ නඩත්තුව කරන්නේ ද විහාරස්ථානයෙනි.
විහාරස්ථානයෙන් දීමනාවක් ලබන කපුවෝ කපු රාජකාරිය පවත්වාගෙන යති. ඇතැම් විහාරස්ථානයක දේවාලයට එන බැතිමතුන්ගෙන් ලැබෙන මුදල් ගැනීමටත් කපුවන්ට ඉඩ දී ඇත.එසේ වුවද පින් පෙට්ටිවල එකතු වෙන පඬුරුවල අයිතිය පන්සලට ය. බෙල්ලන්විල කැලණිය, අලුත්ගම කන්දෙ විහාරය,නවගමුව ආදී විහාරස්ථාන සතුව බෙහෙවින් ජනප්‍රිය දේවාල පවතී මේවාට ලැබෙන පූජාවන් ගැන ඒවා පරිහරණය ගැන කිසිවෙක් ප්‍රශ්න නොකරන්නේ ඒවා සාංඝික අයිතියට යටත් නිසාවිය යුතු ය.

දෙවියන්ට පූජා කරන භාණ්ඩ හා මුදල් අවභාවිතාව පිළිබඳව බරපතලම චෝදනා නැගෙන්නේ ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය අරභයා ය.ඒ දේවාලය අර ප්‍රකට මහ දේවාල වලට අයිති දේවාලයකි.මේ මහා දේවාල පාලනයට අදාල බලධාරියා වන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ය.
මේ දේවාල පාලනය සඳහා මුලින්ම වෙනම නීතියක් සම්මත කර දුන්නේ සුද්දන්‍ ය.ඒ විහාර දේවාල ගම් ආඥා පණත ය.උඩරට ගිවිසුම නමින් ප්‍රකට 1815,සිංහලේ රාජ්‍යයේ නිලමක්කාරයින් හා බ්‍රිතාන්‍යා අධිරාජ්‍යයේ නියෝජිතයන් අතර අත්සන් කළ ගිවිසුමේ දී පවා මේ දේවාල ගැන බුද්ධාගම ගැන තරම්ම සැලකිලිමත්වී ඇත.ඒඅනුව එකී ගිවිසුමේ පස්වන වගන්තිය “මෙකී රටවල්වල මුලාදෑනි සහ වැසියන් විසිනුත් අදහන්නා වූ බුද්ධ ශාසනය ද දේවාගම ද කඩකළ නොහැකිව පවත්වන්ඩ ඕනැවා සහ එකී කටයුතු ද සංඝයා ද විහාරස්ථානද දේවාල ද පවත්වන්ඩ සහ ආරක්ෂා කරන්ඩත් ඕනෑය” කියා සඳහන් කළේ ඒ නිසා ය.ඉතින් බුද්ධ ශාසනයත් දේවාලත් විහාරස්ථානත් විනාශ වෙන එක වලක්වන්න බෞද්ධ විහාර හා දේවාල ගම් ආඥා පණත හදුන්වා දෙන්නට සුද්දන්ට සිදුවිය.ඒ අනුව ආදායම් සහිත විහාරස්ථාන හා දේවාල පාලනයට භාරකරුවකු බැගින් පත්කිරීමට විධිවිධාන පැනවිණි බස්නායක නිලමේ නම් වූ ඒ භාරකරුවා පත් කිරීමට ඡන්ද ක්‍රමයක් ද මේ පණත මඟින් හදුන්වා දී ඇත.ඒඅනුව කතරගම මහ දේවාලයේ බස්නායක ධුරයට පත්කිරීමේ ක්‍රමවේදය වන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ රටේ මහත්වරුගේ හා මෙම ආඥා පනත යටතේ පාලනය වන විහාරස්ථාන හා දේවාල භාරකරුවන්ගේ වැඩි ඡන්දයෙනි.ඒ නිසා බස්නායක ධුරයට පත්වීමට අපේක්ෂා කරන අයෙකු එකල වෙල්ලස්ස බුත්තල හා වැල්ලවාය රටේ මහත්වරු තුන් දෙනාගේ සහාය ලබාගත යුතු විය. දැන් මෙන් තරඟයක් නොවූ අතීතයේදී මේ බස්නායක නිලයත් බොහෝ විට පාරම්පරික ප්‍රභූ පවුල් අතර ට සීමා වුණි. කතරගම දේවාලයට පුද පූජා පැවැත්වීම වෙල්ලස්ස බුත්තල වැල්ලවාය පලාත්වලත් පානම් පත්තුවේ හා නැගෙනහිර ප්‍රදේශයේ ජනයාටත් සීමාවී පැවතුණු බවත් 1945 පමණ බස්නායක නිලමේ ලෙස පත්වුණු විල්ෆ්‍රඩ් රත්නායක නිලමේ විසින් මාර්ගයක් ඉදිකිරීමෙන් පසුව කතරගම ක්‍රමයෙන් අනිකුත් ප්‍රදේශවල අයගේත් වන්දනාව ට ලක්වූ බව පෙනෙන්නට ඇති බව කතරගම දේවාලයේ මෑත ඉතිහාසය ගැන අධ්‍යයනය කළ අය පවසති.

1950 දශකයේදී වර්තමාන පූජා වට්ටි ක්‍රමය පූජාවන්ට එක් වූ බව තතු දන්නෝ පවසති.ක්‍රමයෙන් ව්‍යාපාරික ප්‍රජාව කතරගම දෙවියන්ගේ පිහිට පතා පැමිණීම මේ පූජා වට්ටි සම්ප්‍රදාය ප්‍රවර්ධනයට හේතු වී ඇත.මේ සඳහා ව්‍යාපාරිකයින් හින්දු දේවාලවල පූජා ක්‍රමය ආදර්ශයට ගත්තා විය හැකිය. කෙසේ වුවද රසකැවිලි පලතුරු බුලත් හා පඬුරු(තඹ හෝ රිදී කාසි) සහිත පූජා වට්ටිය පිළිගැන්වීමේ සිරිත ඇරඹුණි.මේ පූජා වට්‍ටියත් සමග විශාල වශයෙන් ව්‍යාපාරික ප්‍රජාව කතරගමට ඇදී ඒමත් සමග කපුවන් කාර්ය බහුල් පිරිසක් බවට පත්විය.පූජා වට්ටියට මුදල් නෝට්ටුවක් එක්වන්නේ මේ සමඟය.ඒ මුදල් නෝට්ටුව නම් දෙවියන්ට පුදන දේකට වඩා කපුවන්ට බැතිමතා විසින් දෙනු ලබන සංතෝෂමක් ලෙස ඇරඹුණු බව පැහැදිලි ය.පූජා වට්ටියේ රස කැවිලි හා පලතුරු දෙවියන්ට ආඝ්‍රාණය කර රස විඳීමට ය. පඬුර හැටියට එක් කළ තඹ හෝ රිදී කාසි බැතිමතා හා දෙවියන් අතර සම්බන්ධතාවයේ සංකේතයකි.ඒ නිසාම භාරයක් වීමේ දීම පඬුරක් වෙන් කෙරේ.මුදල් නෝට්ටුව දෙවියන්ට සම්බන්ධයක් නැත.ඒ නිසා පූජාවට්ටිය ඉදිරිපත් කරන බැතිමතුන් තම ශක්ති ප්‍රමාණය අනුව සංතෝෂමක් කපුවාට දීමට යොදා ගත් උපක්‍රමය පූජා වට්ටියේ ඉහලින්ම මුදල් නෝට්ටු තැන්පත් කිරීම ය.

පෘතුගීසී ලන්දේසි යුගවල පවා මේ ස්ථානය පූජාවන්ට ලක්ව තිබී ඇත. අතීතයේදී දේවාලයේ කපුවන් නොසිටි අතර බැතිමතුන් බොහෝ විට පූජාව වශයෙන් රැගෙන ආවේ ධාන්‍ය ස්වල්පයක් ආහාර වර්ග ආදිය වේ.නැගෙනහිර හරහා පැමිණි ඉන්දීය වෙළඳුන් වැනි අය ඔවුන්ගේ සිරිත අනුව දේවාලයට ඉතා කුඩා රන් රිදී කැබලි පූජා කර ඇති බවත්.ඒවා බාර ගන්නට කෙනෙකු නොසිටි අතර අනිකුත් පූජාවන් සේම දේවාල භූමියේ බිම දමා යන බවත් ජනප්‍රවාදයේ පැවසේ.දේවාල මිදුලේ විසිරී තිබූ රන් රිදී කැබලි දහයියා සමඟ ගඟට ඇදදමා බිම පිරිසිදු කරන බවත් ඒ ජන ප්‍රවාදවල සඳහන්‍ ය.ඉන් අදහස් වන්නේ බිම වැටී තිබුණත් රන් රිදී වුවත් දෙවියන්ට අයත් දේ අප පැරණි සමාජයේ අය නොගත් බව ය. මෙසේ වූ දේවාලයේ විවිධ රජවරුන් ලබා දුන් ගම්බිම් හා කෙත්වතු පාලනයට පත් කළ සාම්ප්‍රදායික නිල මඩුලු වූ අතර දේවාලයේ කපු රාජකාරිය ඔවුන්ගේ පවුල් තුළින් ගොඩනැගුණේ යැයි අනුමාන හැකි වේ. 1950 දශකයේදී වර්තමාන පූජා වට්ටි ක්‍රමය පූජාවන්ට එක් වූ බව තතු දන්නෝ පවසති.ක්‍රමයෙන් ව්‍යාපාරික ප්‍රජාව කතරගම දෙවියන්ගේ පිහිට පතා පැමිණීම මේ පූජා වට්ටි සම්ප්‍රදාය ප්‍රවර්ධනයට හේතු වී ඇත.මේ සඳහා ව්‍යාපාරිකයින් හින්දු දේවාලවල පූජා ක්‍රමය ආදර්ශයට ගත්තා විය හැකිය. කෙසේ වුවද රසකැවිලි පලතුරු බුලත් හා පඬුරු(තඹ හෝ රිදී කාසි) සහිත පූජා වට්ටිය පිළිගැන්වීමේ සිරිත ඇරඹුණි.මේ පූජා වට්‍ටියත් සමග විශාල වශයෙන් ව්‍යාපාරික ප්‍රජාව කතරගමට ඇදී ඒමත් සමග කපුවන් කාර්ය බහුල් පිරිසක් බවට පත්විය.පූජා වට්ටියට මුදල් නෝට්ටුවක් එක්වන්නේ මේ සමඟය.ඒ මුදල් නෝට්ටුව නම් දෙවියන්ට පුදන දේකට වඩා කපුවන්ට බැතිමතා විසින් දෙනු ලබන සංතෝෂමක් ලෙස ඇරඹුණු බව පැහැදිලි ය.පූජා වට්ටියේ රස කැවිලි හා පලතුරු දෙවියන්ට ආඝ්‍රාණය කර රස විඳීමට ය. පඬුර හැටියට එක් කළ තඹ හෝ රිදී කාසි බැතිමතා හා දෙවියන් අතර සම්බන්ධතාවයේ සංකේතයකි.ඒ නිසාම භාරයක් වීමේ දීම පඬුරක් වෙන් කෙරේ.මුදල් නෝට්ටුව දෙවියන්ට සම්බන්ධයක් නැත.ඒ නිසා පූජාවට්ටිය ඉදිරිපත් කරන බැතිමතුන් තම ශක්ති ප්‍රමාණය අනුව සංතෝෂමක් කපුවාට දීමට යොදා ගත් උපක්‍රමය පූජා වට්ටියේ ඉහලින්ම මුදල් නෝට්ටු තැන්පත් කිරීම ය.වඩා ලොකු මුදලක් තැබීමෙන් කපුවා සංතෝෂයට පත්ව සිය පූජා වට්ටිය විශේෂ සැලකිල්ලකින් තිරය ඇතුලේ දී දෙවියන්ට පුදනු ඇතැයි යන අදහස ද පූජා වට්ටිය මත මේ මුදල් නෝට්ටු තැබීම දිරිගැන්වීමේ හේතුවක් වූ බව ද පෙනේ. කෙසේ වුව ද පූජා වට්ටියේ බැතිමතුන් තබන මුදල් නෝට්ටුව සංතෝෂම කපුවාට අයත් එකකි යන්න නම් එක් අතකට සාධාරණ අදහසකි.විහාර දේවාලගම් පණත අනුව දේවාලයේ පරිපාලකයා බස්නායක නිලමේ වුවත් පූජාවට එන බැතිමතා හා තිරය පිටිපස්සේ ඉන්නවායැයි විශ්වාස කරන දෙවියන් අතර සම්බන්ධිකරණය කරන්නේ කපුවා ය.ඒ නිසා දෙවියන්ගේ ප්‍රසාදය වැඩියෙන් ලබන්න නම් නිලමේ කෙසේ වෙතත් කපුවා සංතෝෂයට පත් කිරීම අත්‍යාවශ්‍ය යන අදහස බැතිමතා තුළ ඇතිවීම සාධාරණ ය.

දෙවියන්ගේ පූජාවට ලැබෙන වෙනත් දේට කළ යුත්තේ කුමක්ද? පූජා වට්ටියේ දෙන ආහාර පාන සුලු කොටසක් දේවාලයේ තබාගෙන ඉතිරිය බැතිමතාට දෙන්නේ කපුවා ය.දේවාලයේ එකතු වන කොටසත් කපුවන් විසින් ලබාගෙන කාට හෝ දීම හෝ තමන්ම පාරිභෝජන්‍ය කිරීමේ වරදක් ද නැත. පඬුරු ලෙස ලැබෙන දේ පිං පෙට්ටියට දමා දේවාල අරමුදලට එක් කළ හැකි ය.දැනටමත් එය එසේ සිදු කරනු බොහෝ දේවාලවල සිරිතයි. නමුත් දෙවියන්ට ඔප්පු කිරීමට ලැබෙන අනිකුත් වටිනා දේ වන රන්‍ රිදී සතුන් ධාන්‍ය වර්ග වෙනත් බඩු භාණ්ඩ සම්බන්ධව පැහැදිලි රෙගුලාසි පනවා ඒවා ආරක්ෂා කිරීමට පියවර ගැනීම විහාර දේවාල ගම් ආඥා පණතේ පරිපාලනය භාර බලධාරීන්ගේ කාර්යයකි.දැනට දේවාලයේ ආදායම් සම්බන්ධව ගිනුම් තැබීම ආදි කටයුතු ගැන උපදෙස් ඇතත් එහිදී පූජා කරන වටිනා ද්‍රව්‍ය පූජා කිරීමට අදාල ක්‍රියා පිළිවෙලක් සකසා නැත.එම නිසා බැතිමතුන්ට පූජාව ගැන උපදෙස් ගැනීමට සිදුව ඇත්තේ කපුවන්ගෙනි.එහිදී කපුවාට හිතෙන දෙයක් පූජා කරන ලෙස පවසා බැතිමතා මුලා කර පූජාවක් ලෙස තමන්ට අවශ්‍ය දෙයක් ලබා ගැනීමට ඉඩකඩ විවරව තිබේ.අංගොඩ ලොක්කාගේ බිරිඳ පූජා කළ රන් පවුම් 38ක තැටිය පිළිබඳ පසුබිම් කතාවෙන් ද එය පැහැදිලි වෙයි.එසේම සෑම දේවාලයකම ආදායමෙන් ප්‍රතිශතයක් පොදු සමාජ සේවාවන් වලට වියදම් කරන ලෙස නියම කිරීමටත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට නීතිමය බලය ඇත.

මුදල් ඇතුලු වටිනා දේ පූජා කරන්නේ නම් කාර්‍යාලයට භාරදී රිසිට් පතක් ලබා ගත යුතු ය.දැනට ප්‍රශ්නය ඇත්තේ කතරගම සේම සෙසු දේවාල වලත් ඔය තත්වය ඇතිවිය හැකි බැවින් බැතිමතුන් දේවාල පූජා කරන වටිනා දේට අදාලව යම්‍ යම් රෙගුලාසි පැනවීම කාලෝචිත ය.නැතහොත් වෑගොව්ව ගලේ දේවාලයේ ගම්භාර සූනියම් දෙවියන්ට පුද පූජා තබන මේ ක්‍රමය ව්‍යාප්ත වනු ඇත.එනිසා පූජා වට්ටියෙන් දෙන සංතෝෂමෙන් සෑහීමට පත්වීමට කතරගම ඇතුළු ප්‍රධාන දේවාල වල කපුවන් ද දැනගත යුතුව ඇත නැතිනම් අනාගතයේ මිනුවන්ගොඩ වෑගොව්ව ගලේ දේවාල ආදර්ශය මත රට පුරා කපුවන් රහිත දේවාල බිහිවීම වලක්වා ගනු අසීරු වනු ඇත.

කතරගම බඳු අතිශය ජනප්‍රිය දේවාලයකට බැතිමතුන් දක්වන උනන්දුව නිසා විශාල පිරිසක් පැමිණීමත් සාපේක්ෂ්ව පූජා වට්ටියේ තබන මුදල් නෝට්ටුව විශාල වීමත් නිසා එහි කපුවන් අතිශය ධනවත් පිරිසක් බවට පත් වී ඇත. ධනවත් වීමත් සමග ඔවුන්ට අවශ්‍ය වන්නේ බලයයි.දේවාලයේ පරිපාලනය ඉක්මවන අන්දමේ අනීතික බලයක් ඔවුන් වටා කේන්ද්‍රගත කරගෙන ඇති බවත් ඒනිසාම දෙවියන්ට පූජා කරන වටිනා දේ ද ඔවුන් ගේ ග්‍රහණයට ගනිමින් සිටින බවත් ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ නියමිත රාජ්‍ය බලධාරීන් නීතියට අනුව දේවාලයේ පාලන කටයුතුවලට අදාල අධීක්ෂණය පවත්වා ගැනීමට අසමත් වීම බවත් පැහැදිලි ය.
මීට පිළියම් ලෙස යෝජනා කළ හැකි අපූරු දේවාල ක්‍රමවේදයක් ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ වෑගොව්ව ගලේ දේවාලයෙන් වාර්තාවේ.ගමේ සමිතියකින් පාලනය වන මේ දේවාලයේ කපුවන් නැත.බැතිමතුන් පූජාව රැගෙන පැමිණි පූජා කිරීමේදී කියවන යාතිකාව පොල් ගෙඩි අකුරින් මුද්‍රණය කර කාටත් පේන්න එල්ලා ඇත.එම යාතිකාව කියවමින් තමන් ගේ පූජාව තමන්ටම තබා ගත හැකි ය.මෙය “ස්වයං සේවා” ක්‍රමයකි. මුදල් ඇතුලු වටිනා දේ පූජා කරන්නේ නම් කාර්‍යාලයට භාරදී රිසිට් පතක් ලබා ගත යුතු ය.දැනට ප්‍රශ්නය ඇත්තේ කතරගම සේම සෙසු දේවාල වලත් ඔය තත්වය ඇතිවිය හැකි බැවින් බැතිමතුන් දේවාල පූජා කරන වටිනා දේට අදාලව යම්‍ යම් රෙගුලාසි පැනවීම කාලෝචිත ය.නැතහොත් වෑගොව්ව ගලේ දේවාලයේ ගම්භාර සූනියම් දෙවියන්ට පුද පූජා තබන මේ ක්‍රමය ව්‍යාප්ත වනු ඇත.එනිසා පූජා වට්ටියෙන් දෙන සංතෝෂමෙන් සෑහීමට පත්වීමට කතරගම ඇතුළු ප්‍රධාන දේවාල වල කපුවන් ද දැනගත යුතුව ඇත නැතිනම් අනාගතයේ මිනුවන්ගොඩ වෑගොව්ව ගලේ දේවාල ආදර්ශය මත රට පුරා කපුවන් රහිත දේවාල බිහිවීම වලක්වා ගනු අසීරු වනු ඇත.

සුනිල් කන්නන්ගර,හිටපු කොළඹ,රත්නපුර,අම්පාර මහ දිසාපති

එතෙර - මෙතෙර