පොලිතින් මල්මාලා ,ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් මුල් කොට කතරගම පූජා නගරය ආශ්‍රිතව ඇති වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි . ප්ලාස්ටික් සහ පොලිතින් භාවිත කිරීම නිසා මෙම නඩු පැවරිම සිදු කර තිබේ . ඒ ඉකුත් මැයි 31 වැනිදා සිට මේ දක්වා සිදුකළ පරික්ෂා කිරීම් වලට අනුව ය.නිලධාරීන් කණ්ඩායම් පහක් යොදාගෙන පූජා නගරයේ වෙළෙඳ සැල් 75ක් පරික්ෂා කර ඇත . ඒවායේ තිබී භාවිතය තහනම් කර ඇති පොලිතින් මල්මාලා ,ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් තොග සොයා ගැනුණු බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කරයි .