කතානායක වරයාට එරෙහි පැමිණිල්ල අල්ලස් කොමිසමේ විමසුමට

මේ වන විට වැඩ තහනමකට ලක් කොට සිටින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගොනු කොට ඇති පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර තිබේ.එම කොමිසම පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී එය විභාගයට ගැනීමට තීරණය කර ඇත.එමෙන්ම වැඩතහනමට ලක්වූ චමින්ද කුලරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් ද විභාග කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇති බව සඳහන් ය.කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව චමින්ද කුලරත්න මහතා විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ පසුගිය 02 වනදා ය. ඒ රජයේ වාහන අවභාවිතය, නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබාගැනීම, නීතිවිරෝධී ලෙස රජයට අයත් නිල නිවාස දෙකක් භාවිතා කිරීම ඇතුළු දූෂණ චෝදනා 8ක් යටතේ ය.එම චෝදනා අතරේ වතමන් සමාජයේ ඉමහත් ආන්දෝලනයට ලක් ව ඇති කරුණු ද ගැබ් ව තිබේ.

කාලීන පුවත්