නොසිතූ මොහොතක දැවැන්ත කාලගුණ ආපදාවක් පැමිණි හෙයින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ කටයුතුවලට බාධා පැමිණි නිසා පළාත් සභා මැතිවරණය බොහෝ දුරට මේ වසර අග දක්වා දක්වා කල් යනු ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.පළාත් සභා මැතිවරණය මේ වසරේ මුල් මාස කීපයේ දී පැවැත්වීමට රජය මුලින් තීරණය කර තිබිණ.පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව පවතින නීතිමය ගැටලු නිරාකරණය කිරීමට ඇති බවත් ඊට අදාළ සංශෝධන නුදුරේදීම පාර්ලිමේන්තුවට ගෙන එන බවත් අමාත්‍යවරයා පැවැසීය.එම සංශෝධන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් කීය.කාලගුණ ආපදාව වෙනුවෙන් ලොකු මුදලක් වැය කිරීමට සිදුව ඇති අවස්ථාවක පළාත් සභා ඡන්දයට ලොකු මුදලක් වියදම් කිරීම දුෂ්කර බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.නමුත් සියලුම පළාත් සභාවල නිල කාලය අවසන් වී වසර 11 කට වැඩි කාලයක් ගත වී ඇත. එම සියලුම පළාත් සභා දැනට පවතින්නේ ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේය.