කෙහෙල්බද්දර පත්මේ ගැන අහන්න අද නාමල් CID යට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තව ( CID )ට කැඳවා තිබේ.ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම පිණිස ය.කෙහෙල්බද්දර පත්මේ සමග ඉතා සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන ප්‍රබල දේශපාලනඥයන් 06 දෙනකුද ප්‍රකාශ සටහන් කරගැනීම සදහා ඉදිරි දින කීපයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත පැවසේ.මෙම සිදුවීමටම අදාළව බස්නාහිර පළාත් හිටපු මහ ඇමති මෙන්ම හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඊයේ (02) ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදී.

කාලීන පුවත්