කොරියානු රාජ්‍යයේ රැකියා සඳහා පිටත් වීමට අවශ්‍ය සියලු විභාග සහ පරීක්ෂණ සමත් වී වසර දෙකක් ගත වී ඇතත් ආණ්ඩුව මෙතෙක් තමන් එම රාජ්‍යයට යැවීමට අවශ්‍ය පියවර ගෙන නැතැයි පවසමින් එම විභාගය සමත් තරුණ, තරුණියන් පිරිසක් අද (10) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට පැමිණ සිය දුක් ගැනවිලි ඉදිරිපත් කළහ.ඔවුන් පවසන්නේ සියලු භාෂා පරීක්ෂණ, කථන පරීක්ෂණ, වෛද්‍ය වාර්තා මේ සියලු දේ සමත් වුව ද මේ වන තෙක් තමන්ට ඊට අවස්ථාවක් ලැබී නැති බවයි.එම රැකියා අවස්ථා සඳහා සුදුසු කම් ලත් 2500 ක පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්වීම යනු මෙරට පවුල් දෙදහස් පන්සියයක ආර්ථිකය සරු සාර වන අතරේ රටට ද සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් හිමි වීමක් වුවත් බලධාරීන් එම අවස්ථාව අහිමි කිරීම ඉතා කණගාටුදායක තත්වයක් බව ද එම තරුණ පිරිස පවසති.