කොළඹ කනතු වල ආදාහන සහ භූමදාන කටයුතු නොමිලේ !

කොළඹ මහ නගර සභාව මඟින් පාලනය වන බොරැල්ල කනත්ත, ජාවත්ත සුසාන භූමිය, මාදම්පිටිය සුසාන භූමිය, කිරුළපන සුසාන භූමිය යන ප්‍රධාන සුසාන භූමිවල ආදාහන සහ භූමදාන කටයුතු සඳහා මෙතෙක් අය කරන ලද ගාස්තු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කර තිබේ. පසුගියදා (10දා) පැවති කොළඹ මහ නගර සභා රැස්වීමේදී නගරාධිපතිනිය විසින් සභිකයන් විසින් සිදු කළ අදහස්වලට අනුව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර මෙම යෝජනාවට පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ ඒකමතික කැමැත්ත හිමිව තිබේ.මෙම සහනය හිමිවන්නේ කොළඹ මහ නගර සභා සීමාව තුළ ස්ථිර පදිංචිකරුවන්ට පමණක් වන අතර, එය අදාළ වන්නේ නගර සභාව මඟින් පාලනය වන කොටස් සඳහා පමණි.මීට පෙර ආදාහන සහ භූමදාන කටයුතු වෙනුවෙන් රුපියල් 10,000ක මුදලක් අය කරනු ලැබූ අතර, ආර්ථික අපහසුතාවලින් පීඩා විඳින අඩු ආදායම්ලාභී පවුල්වලට මෙය දැඩි බරක් වී තිබූ අතර මෙම පියවර තුළින් අවසන් කටයුතු සිදුකිරීමේදී ජනතාව මුහුණ දුන් මූල්‍යමය දුෂ්කරතාවලට සැලකිය යුතු විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ

කාලීන පුවත්