කොළඹ ජල ගැලීම් ගැටළු වලට මුහුණ දෙන්න සූදානම්

කොළඹ නගරය නිරන්තරයෙන් මුහුණ පාන වැසි ජල කළමනාකරණ ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා සෙසු රාජ්‍ය ආයතනවල සහය ඇතිව පුළුල් වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවත් එතෙක් අයහපත් කාලගුණ තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා මේ වන විටත් කොළඹ ප්‍රජා ශාලා සූදානම් කර ඇති බවත් කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය පවසයි. උතුරු කොළඹ සහ මැද කොළඹ යන ප්‍රදේශ නිරන්තරයෙන් වැසි ජල ගැටලුවට මුහුණ දෙන අතර මෙම ගැටලුව සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන විසඳුම් සහිත ක්‍රමෝපායික සැලැස්මක් සකස් කරන බව ද ඇය සඳහන් කරයි.එමෙන්ම කොළඹ මහ නගර සභාව ජල ගැලීම් මඟින් ආපදාවට පත් වන ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා අවශ්‍ය සියලු සහාය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබා දෙන බව ද ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය වැඩි දුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්