කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය අදයි

2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය අදයි.කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනය පසුගිය 27 වනදා ආරම්භ විය.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන ඔක්තෝම්බර් මස 06 වනදා දක්වා පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 තෙක් ක්‍රියාත්මකයි.අද (01) දිනයේද බොහෝ පාඨකයින් පොත් මිලදී ගැනීම සඳහා පැමිණෙනු ඇතැයි පොත් ප්‍රකාශකයින්ගේ සංගමය බලාපොරොත්තු වෙයි.

පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විවිධ වැඩසටහන් රැසක් පැවැත්වෙයි.

කාලීන පුවත්