කොළඹ නගරයේ වාහන ගාල් කිරීමේ ගාස්තු යළි අද සිට

කොළඹ නගරයේ වාහන ගාල් කිරීමේදි අයකරන ගාස්තු අද(23) සිට නැවත අය කිරිමට තීරණය කර ඇති බව කොළඹ මහ නගර සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.ඒ ඉකුත් 18 වන දා සිට ක්‍රියාත්මක වූ කොළඹ නගරයේ වාහන ගාල් කිරීමේ දී මුදල් අය නොකිරීමට ගත් තීරණය කොළඹ මහ නගර සභාවේ මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේ දී අවලංගු වීමත් සමඟය.රජයේ ක්‍රියාත්මක Qර්‍ කේත ක්‍රමය හා වාහන අංක (ඔත්තේ /ඉරට්ටේ) අනුව ඉන්ධන නිකුත් කිරිම සිදුවන බැවින් පෝළිම් අඩු වී ඇති බව නිරීක්ෂණය වී ඇති බවත් එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.ඒ අනුව අද පෙ.ව 6.00 සිට නැවත සුපුරුදු පරිදි රථවාහන ගාල් කළමණාකරණය හා ගාස්තු අය කිරිමට මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේදි කොළඹ මහ නගර සභාව තීරණය කළ බව එහි වැඩි දුරටත් සඳහන් වේ.

කාලීන පුවත්