කොළඹ මහ නගර සභාවේ මංගල අය වැය පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි ව ඇති කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය ඊයේ (22) පරාජයට පත් විය.මෙහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණි. සර්වජන බලය මන්ත්‍රීවරු දෙපොළගේ ඡන්දය මෙහි දී තීරණාත්මක සාධකය වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 3කින් ජාතික ජන බලවේගය අයවැය පරාද විය.ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවේ බලය, ජාතික ජන බලවේගයට හිමිවූ අතර එහිදී ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත් වූවා ය.

කාලීන පුවත්