කොළඹ මහ නගර සභා නගරාධිපති, උප නගරාධිපති තේරීම අද

ශ්‍රී ලංකාවේ ප්‍රධානම පළාත් පාලන ආයතනය වන කොළඹ මහ නගර සභාවේ නගරාධිපති, උප නගරාධිපති තෝරා පත්කර ගැනීම අද (16) පෙරවරුවේ සිදු කෙරෙන බව නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි.එම ඡන්දය අද පෙරවරු 9.30ට පැවැත්වීමට නියමිතය.බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගි ජයසුන්දර මහත්මියගේ දැනුම්දීම අනුව අද පෙරවරු 9.30ට නගර සභා රැස්වීම් ශාලාවේදී පසුගිය පලාත් පාලන ඡන්ද විමසීමෙන් තේරී පත්වී සිටින සභිකයන් 117 දෙනාම රැස්වී නගරාධිපති, උප නගරාධිපති ලෙස ඉදිරිපත්වන අපේක්ෂකයන් සඳහා ඡන්දය ප්‍රකාශ කර බහුතරය දිනාගන්නා දෙදෙනා එම තනතුරු සඳහා තේරී පත්වීමට නියමිතය.මෙම තේරී පත් වීමෙන් පසු නගරාධිපති සහ උප නගරාධිපති පත්වීමෙන් පසු පළාත් පාලන කොමසාරිස්වරිය විසින් ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දී ගැසට් කරනු ඇත. ඉන්පසු වෙනත් දිනයකදී ඔවුන් දෙදෙනා දිවුරුම් දීමටත් ඉන් අනතුරුව සභාව රැස්වන දිනය තීරණය කිරීමටත් නියමිත ය.

කාලීන පුවත්