කොළඹ මහ නගර සභා බලය පිහිටුවන්න මාලිමාවෙන් බැහැර පාර්ශවයන්ට සහාය දෙනවා

කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශවයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයක් සඳහා සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව පැවසීය.”පවතින මාලිමා ආණ්ඩුවට කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම සඳහා කොළඹ මහ නගර සභා බල සීමාව තුළ පදිංචි වී සිටින ජනතාවගෙන් අති බහුතරයක් කැමැත්ත ප්‍රකාශ කරලා නැහැ. කොළඹ මහ නගර සභාවේ ජනතාව මාලිමාව ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් තුළ මාලිමාවට විරුද්ධ පාර්ශවයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයක් බිහිකිරීමට අවශ්‍ය සහයෝගය පක්ෂයක් හැටියට අපි ලබාදෙන්න කැමැතියි.”යනුවෙන් ඒ මහතා කීය.

කාලීන පුවත්