කෝචිචියේ හොරට යාම වලකන විශේෂ මෙහෙයුම්

කාර්ය බහුල දිනයන්හිදී විශාල පිරිසක් ප්‍රවේශ පත්‍ර නොමැතිව කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඇතුළු වන බව හා ප්‍රවේශ පත්‍ර නොගෙන දුම්රියේ ගමන් කරන බව නිරීක්ෂණය වී ඇති බැවින් එම පිරිස් නීතියේ රැහැනට හසු කර ගැනීම සදහා විශේෂ මෙහෙයුම් ජාලයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි.එමෙන්ම දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරනුයේ ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම් රියේ ගමන් කළ නොහැකි බවට ජනතාව තුළ ආකල්ප ගොඩ නැංවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් වරින් වර බලධාරීන් දැනුවත් කළ ද ඒ සඳහා මෙතෙක් කිසිදු සාධනීය ප්‍රතිචාර ලැබී නොමැති බවකි.ඒ අතර වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව හා තුන් වන පන්තියේ ප්‍රවේශ පත්‍ර මිල දී ගෙන වෙනත් පන්ති වල ගමන් කිරීම් ආදී හේතූන් මුල් කොට පනවන දඩ මුදල් වලින් ද අතිරේක ආදයම් ලබා ගත හැකි බව තමන් නොයෙක් වර අදාල බලධාරීන්ට පෙන්වා දී ඇතැ‍යි දුම් රියට සම්බන්ධ එම පාර්ශව පෙන්වා දී තිබේ.

කාලීන පුවත්