දිවයින පුරා පැවති අධික වර්ෂාපතන කාලගුණය අඩුවීමත් සමඟ අවදානම් මට්ටමේ පැවති ගංගාවල ජල මට්ටම මේ වන විට පහළ ගොස් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළු ගඟේ මිල්ලකන්ද ප්රදේශයෙන්, ගිං ගඟේ බද්දේගම ප්රදේශයෙන් සහ නිල්වලා ගඟේ තල්ගහගොඩ ප්රදේශයෙන් වාර්තා වූ සුළු ගංවතුර තත්ත්වය මේ වන විට පහව යමින් පවතින බවයි.
නමුත් කලා ඔය, මී ඔය සහ දැදුරු ඔය යන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.