ගලගොඩඅත්තේ හිමි ඇතුළු හිමි වරු පිරිසක් මහින්දගේ සුව දුක් බලන්න වඩිති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් බැලීමට ඊයේ (10) ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු ස්වාමීන්වහන්සේලා පිරිසක් තංගල්ල කාල්ටන් නිවසට වැඩම කොට ඇත.
ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් සටහනක් තබමින් මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස ස්තුතියක් ද පළකොට තිබේ.“අතීතයේ සිටම මහා සංඝරත්නය අප සමාජය තුළ ආගමික, අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජීය වශයෙන් සක්‍රීයව කටයුතු කරනු ලබයි. උන්වහන්සේලා සමාජ උන්තතිය උදෙසා ප්‍රමුඛ කාර්යය භාරයක් ඉටු කළහ. දේශපාලනය තුළ ද පෞද්ගලික ජීවිතය තුළ ද මහා සංඝරත්නයේ මඟ පෙන්වීමත්, ආශිර්වාදයත් මා හට නිතැතින්ම හිමිවුණි.පසුගිය දින කාල්ටන් නිවසට වැඩමවමින් මා හට ආශිර්වාද කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මාගේ නමස්කාර පූර්වකව ස්තුතිය පිරිනමමි. “

කාලීන පුවත්