ගල්ගමු ඇතින්නකට වෙඩි!

ගල්ගමුව වනජීවී බල ප්‍රදේශයට අයත් හුණුගල්ලෑව ප්‍රදේශයේ වෙඩි වැදීමෙන් තුවාල සහිත ඇතින්නක සිටින බවට ප්‍රදේශවාසීන් ගෙන් ලැබුණු තොරතුරු මත ඊයේ(18) ගල්ගමුව වනජීවී නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකය පැමිණ එම ඇතින්නට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දී තිබේ.එම ඇතින්න වයස 35 ත් 40ත් අතර වයසේ සිටින අතර ශරීරයේ තුවාල කිහිපයක් තිබෙන බවට නිරීක්ෂණය වී තිබේ. ශරීරය දුර්වල මට්ටමක පවතින අතර එම තුවාල වෙඩි වැදීමෙන් සිදු වූ බවට පශු වෛද්‍යවරු අනුමාන කරති. නිර්වින්දනය කිරීමෙන් පසු ඇතින්නට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර පරීක්ෂණ සඳහා රුධිර සාම්පල ලබා ගෙන ඇති අතර ඒ අනුව ඉදිරි ප්‍රතිකාර කටයුතු සිදු කිරීමට නියමිත ය.

කාලීන පුවත්