මේ වන විට ගාසා තීරයේ පාලනය අත්පත් කරගෙන හිඳින හමාස් සංවිධානය එහි පාලනය අත්හැරීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන්ට සම්පුර්ණයෙන්ම විනාශය කරා ළගාවීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.ඔහු ඒ බව සඳහන් කොට ඇත්තේ සී එන් එන් පුවත් සේවයේ මාධ්‍යවේදියකු ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලට පිළිතුරු ලබා දෙමිනි.එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ සාමයට සැබවින්ම කැපවී සිටිනවාද යන්න නැද්ද යන්න පැහැදිලි උත්තරයක් තමා හමාස් සංවිධානයෙන් හැකි ඉක්මනින් බලාපොරොත්තු වන බවයි.ඒ අතරේ හමාස් සංවිධානය සටන් විරාමයක් සඳහා එකඟ වුවහොත්, වහාම ක්‍රියාත්මක වී, ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරුවක් ආරම්භ කිරීමට සුදානම් බවත් එසේ නොකළහොත් හමාස් සංවිධානය සම්පුර්ණයෙන් විනාශය කරා ලඟාවනු ඇති බවත් අමෙරිකානු ජනපතිවරයා අනතුරු අඟවා තිබේ