ගැටදිවුල වන අලි හුවමාරුව අසල වේග බාධක ලකුණු කෙරේ

රාජධානී පිවිසුම නමින් හඳුන්වන ඇල්ල හරහා පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගය හරහා වන අලි ඇතුන් බහුල ලෙසම ගමන් කරන මංකඩක් වන අඹන්පොල ගැටදිවුල වන අලි හුවමාරුව අසල වේග බාධක ( Speed Bump) ලකුණු කිරීම් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අද (19) දිනයේ දී සිදු කරන ලදී.මෙම මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වන රථ වාහන නිසා මෙම මංපෙත ඔස්සේ අලි මාරු වන අවස්ථාවන්හිදි සිදු විය හැකි අනතුරු වළක්වා අලි මිනිස් දෙපාර්ශවයටම සිදු වන හානි වලක්වා ගැනීම මෙහි අරමුණ ය.

කාලීන පුවත්