ගැරඬිඇල්ල අනතුර ගැන අල් ජසීරා බොරු කියයි

කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් කරමින් තිබියදී කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී පසුගිය 11 වැනිදා සිදු වූ ලංගම බස් රථ අනතුර පිළිබඳ බොහෝ විදේශ මාධ්‍ය ද වාර්තා කොට තිබූ අතර ජාත්‍යන්තර වශයෙන් ඉතා ප්‍රකට මාධ්‍යයක් වූ අල් ජසීරා එය වාර්තා කොට තිබුණේ වැරදි තොරතුරු සහිතවය. එහි පළ වී තිබුණේ බස් රථයේ ගමන් කරමින් සිටියේ බෞද්ධ වන්දනාකරුවන් පිරිසක් බවය. කිසිදු ජාත්‍යන්තර මාධ්‍යයක එවැනි පුවතක් පළ වී නොතිබුණු අතර වැරදි මූලාශ්‍ර සහිතව ප්‍රවෘත්ති පළකිරීම තුළින් එකී මාධ්‍යයේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු ද ඉස්මතු වෙයි. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ අල් ජසීරා මාධ්‍යවේදී මේදි හසන් ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාව හේතුවෙන් ද පසුගිය කාලයේ ශ්‍රී ලංකාව තුළ අල් ජසීරා මාධ්‍යය නිතර කතා බහට ලක් වූ අතර ඉන් පැවසුණු බටලන්ද වධකාගාර සිද්ධියක් සම්බන්ධයෙන් අප රට තුළ දේශපාලනික කලබගෑනියක් ද හට ගැනිණ.එමෙන්ම මෙවර අල් ජසීරා එම බස් රථයේ ගමන් කළ බෞද්ධ වන්දනාකරුවන් ලෙස හඳුන්වා තිබීම හුදු අතපසු වීමක් සේම නොවීමක් වීමට ද පුළුවන.

කාලීන පුවත්