ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ බලපත්‍ර සහිත ගිනි අවි නැවත භාර දීම සඳහා ලබාදී තිබූ කාලය නොවැම්බර් මස 21 වන දිනතෙක් දීර්ඝ කර තිබේ.ගිනි අවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණි.කෙසේ වෙතත් ඉදිරිපත්වී ඇති කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.