ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ,ගුරු විද්‍යාල සහ ගුරු සංවර්ධන මධ්‍යස්ථාවල කථිකාචාර්යවරුන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද ( 26 වැනිදා ) සහ හෙට ( 27 වැනිදා ) අසනීප නිවාඩු මත සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැළෙන බව පැවසෙයි.මෙම වෘත්තිකයන් අතරට අධ්‍යාපන විද්‍යාපීඨ දහනවයක, ගුරු විද්‍යාල අටක සහ ගුරු සංවර්ධන මධ්‍යස්ථාන එකසිය දොළහක කථිකාචාර්යවරුන් අයත් වන බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ ලේකම් එස්.එම්. පී. බණ්ඩාර පැවසීය.ලේකම්වරයා වැඩි දුරටත් පවසනුයේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව සමග සාකච්ඡා කළ නමුත් පිළිගත හැකි විසඳුමක් නොලැබුණු බවකි.මේ නිසා කලින් තීරණය කර තිබූ පරිදි වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවත් සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ඉදිරියේ දී අඛණ්ඩ වර්ජනයකට යාමට සංගමය තීරණය කර තිබෙන බවත් ලේකම් වරයා පවසයි.