ආපදාවෙන් විපතට පත් ජනතාව නැවත නඟා සිටුවීම සඳහා රජය ආරම්භ කර ඇති අරමුදලට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිදුකර ඇති මූල්‍ය පරිත්‍යාගය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට ලැබුණ මුදල් වලින් සිදු කරන ලද්දක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි..නමුත් එලෙස මුදල් ලබාදීමට තරම් සම්මන්ත්‍රණ ශාලා තමන් සතුව නොමැති බවත් ආපදා තත්ත්වය ඇතිවූ මොහොතේ සිට තම සහෝදරයා විපතට පත් ජනතාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකළ බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.මෛත්‍රිපාල සිරිසේන මහතා එසේ කියා සිටියේ මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.