හිටපු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කොළඹ 7,ටොරින්ටන්හි ජීවත් වූ නිල නිවෙසින් ඉවත්ව යාමට පියවර ගෙන තිබේ.ජනාධිපතිවරුන්ගේ හිමිකම්( ඉවත් කිරීමේ) පනත පාර්ලිමේන්තුවේ ඉකුත් සැප්තැම්බර් 10 වන දා පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් පසු හිටපු ජනාධිපතිවරිය අසනීප තත්ත්වයක් හේතුවෙන් නොවැම්බර් 30 දක්වා එම නිල නිවසේ නිල නිවසේ රැදී සිටීමට අවසර ඉල්ලා තිබිණ.ඒ සම්බන්ධයෙන් වරක් ඇය පවසා සිටියේ දේශපාලනයට සම්බන්ධ වීම නිසා තම පවුලේ වත්කම් බොහොමයක් අහිමි කර ගත් තමන්ට මෙම නිල නිවස අත හැර යාම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බවකි.