ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු හිටපු කතා නායක වරයකු අමාත්‍යවරයකු සහ රාජපක්ෂ පවුලේ ජ්‍යේෂ්ඨයා වන චමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ අත් අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයට සම්බන්ධ මාධ්‍ය වාර්තා කර තිබේ.ඒ, පසුගිය අරගල සමයේ තම නිවස ගිනි තබා විනාශ කළ බවට ව්‍යාජ තොරතුරු ලබාදී රජයෙන් රුපියල් 15,022,600 ක මුදලක් වන්දි වශයෙන් වංචනික ලෙස ලබාගැනීමේ චෝදනාවක් මත බව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.