චාමර සම්පත් යළි බන්ධනාගාර ගත කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

2016 දී ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාලය තුළ සිදු කළ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ගේ ඇප ඉල්ලීම අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම අද (16) ඉල්ලා සිටි අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.අල්ලස් කොමිසම අධිකරණය හමුවේ ගොනු කළ මෝසමකින් පවසා සිටියේ සැකකරු තම බිරිඳ මඟින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මාධ්‍ය හමුවක් පවත්වන ලෙස ඉල්ලා සිටීමෙන් දැනට සිදුවෙමින් පවතින පරීක්ෂණවලට බාධා කර ඇති බවයි.නමුත් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණුවලින් සැකකරුගේ ඇප අවලංගු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හෙයින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය එහි දී සඳහන් කළාය.

කාලීන පුවත්