“චිචීගේ රොකට්ටුව” නිසා ආණ්ඩුවේ දෙකඩ වීමක් පේනවා

“චිචීගේ රොකට්ටුව” ලෙස ප්‍රසිද්ධ වූ තම බාල සොයුරා සම්බන්ධ චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ ක්‍රියාවලිය මුල් කොට රජය තුළින්ම පරස්පර විරෝධී මත පළවීම පුදුමයට කරුණක් බවත්, එය රජයේ අභ්‍යන්තර බෙදීම් පෙන්නුම් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.මෙහිදී මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ එය පැලවත්ත පක්ෂ කාර්යාලයට කඩා වැටීම වැළැක්වීමට පියවර ගත යුතු බවකි..අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ඒ පිළිබඳව සිදු කරන ලද ඒ සම්බන්ධ එකිනෙකට පරස්පර ප්‍රකාශ පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

කාලීන පුවත්