ජනපති වියට්නාමයට සැපත් වෙයි

වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.ජනාධිපතිවරයා අද දින සිට එළැඹෙන 06 වැනි දින දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වෙනු ඇත.ශ්‍රි ලංකා ජනාධිපතිවරයා සහ දූත පිරිස වියට්නාම විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නූයෙන් මන් කුඕං, ජනවාර්ගික හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නොං ති හා, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් ති ටම් සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිසක් විසින් පිළිගෙන තිබේ.ශ්‍රී ලංකා ජනාධිපති වරයා මෙම සංචාරයේ යෙදෙනුයේ වියට්නාම ජනාධිපති ලුඕං කුඕංගේ ආරාධනයක් අනුව ය.

කාලීන පුවත්