වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුගෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලීසිය විවේචනය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.එමඟින් ඔහු පවසන්නේ අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ නීතියෙන් ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුව සිදු කළ යුතු බවයි.සැකකරුවන්ගෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීම, ඔවුන් සිදු කරන ප්‍රකාශ සහ එම විඩියෝ ක්ලිප් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීම මහජනතාව පිනවන නමුත් නඩු විභාගය ආරම්භ වූ පසු ඒවායින් පැමිණිල්ලට කිසිදු වාසියක් නොමැති අතර එවැනි බොළඳ ක්‍රියා මගින් පොලීසියේ කීර්තිනාමයට හානි වන බවත්, එමගින් විමර්ශකයන්ගේ වෘත්තීයභාවය පිලිබඳව ප්‍රශ්න පැන නගින අතර සමස්ත පද්ධතියටම අපකීර්තියක් ගෙන දෙන බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දෙයි.