ජනාධිපති පොදු සමා චෝදනාව ආණ්ඩුවත් බාර ගත යුතුයි

ජනාධිපති පොදු සමාවක් මගින් නිදහස ලබා සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ලවී තිබෙන චෝදනාව නිලධාරීන් පිටින් පමණක් යවා ආණ්ඩුවට අත පිසදා ගැනීමට ආණ්ඩුවට නොහැකි අතර එය ආණ්ඩුව විසින් ද බාර ගත යුතු බව අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා සඳහන් කරයි.එමෙන්ම එසේ නිදහස ලත් පුද්ගලයා පසුගිය මැතිවරණ වලදී ජාතික ජන බලවේගයට මුදල් ආධාර සපයා දීමට සහය වූ පුද්ගලයකු බවට ප්‍රදේශයේ මතයක් ඇති බවත් ඒ හේතුවෙන් ඔහු ගේ නම මෙවර පොදු සමාව යටතේ නිදහස් කිරීමේ ලේඛනයට ඇතුළත් වී ඇති බවද ප්‍රදේශයේ ජනතාව තුළ දැඩි සැකයක් පවතින බවත් හෙතෙම කියා සිටියි.එනිසා ජනතාව තුළ ඇති වී තිබෙන එම සැකය නිවැරදි කිරීමද ආණ්ඩුවේ වගකීමක් යයිද ඒ මහතා තවදුරටත් පවසයි.රෝහණ බණ්ඩාර මහතා ඒ බව පවසා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ය.

කාලීන පුවත්