ඉන්දීය රජයේ පාලනය යටතේ පවතින ලෝක ප්‍රකට සංචාරක පාරාදීසයක් වන ජම්මු හා කාශ්මීර් ප්‍රාන්ත ප්‍රදේශයට ඉකුත් සතියේ එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක හේතුන් මත එම ප්‍රාන්තයේ තිබෙන මහජන උද්‍යාන ඇතුළු සංචාරක මධ්‍යස්ථාන 48 ක් ආරක්ෂක හේතුන් මත වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.එම ස්ථාන තම ජීවිත වලට තර්ජනයක් සේ සංචාරකයන් විසින් සැලකීම නිසා මෙම පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.දුෂ්පත්රි, කෝක්මග්, ඩුක්සුම්, සින්තාන් ටොප්, අක්චබායි, බන්ගුස් වැලි, මාගන් ටොප්, ටෝසමෙඩන් ආදී ප්‍රකට සංචාරක මධ්‍යස්ථාන ද මේ යටතේ වසා දමා ඇතැයි වාර්තා වෙයි.ඒ අනුව මෙම තත්වය ජම්මු හා කාශ්මීර් ප්‍රාන්ත ප්‍රදේශ වල ජන ජීවිත හමුවේ ප්‍රබල ආර්ථික ගැටළු පැන නැඟිය හැකි බවත් පැවසෙයි.